IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බූස්සේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා

 

(ජේ.කේ.එල් චාමින්ද)

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වී  ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

බුස්ස බන්ධනාගාරය මගින් කරණු ලැබු අහඹු පී. සී.ආර් පරික්ෂණයේ දි  මේ බව තහවුරුවි ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. මෙකි පී.සී.ආර් පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ දි සිදුකර ඇත.

අම්බලන්ගොඩ  හා රත්ගම  ප්‍රදේශවල දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අප කළ විමසුමකදි පැවසිය.

බුස්ස බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වි ඇති රැදවියන් තිදෙනාගෙන්  දෙදෙනෙක්  හිනිදුම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.  ඉන් එක් අයෙක් ගංජා ළග තබා ගැනීම හා අනික් පුද්ගලයා එළුවකු සොරතම් කිරිම සම්බන්ධයෙන් හින්දුම පොලිසිය මගින්  පසුගිය 01 වැනිද සහ 03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් උඩුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම රිමාන්ඩ් සිරකරුවන් දෙදෙනා  නිරෝධායනය සදහා බුස්ස බන්ධනාගාරයට යොමු කොට ඇත.



අදහස් (0)

බූස්සේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site