IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බස්නාහිරින් පිටත ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක

 

බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා අද (13) මේ බව පැවසීය.

සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක්  වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන්, විශේෂයෙන් කොළඹ මහනගර සභා ප්‍රදේශයෙන් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඊයේ(12) දිනයේදී වාර්තා වු ආසාදිතයන් 396දෙනාගෙන් 296දෙනෙකු බස්නාහිර පළාතෙන් බවද, එයින් 232දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ බවද ඒ මහතා පැවසීය.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකටම තවදුරටත් සීමා පැනවීම සහ පීසීආර් පරීක්ෂණ හේතුවෙන් එම පළාතෙන් වාර්තා වන ආසාදිතයන් ගණන අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

16844



අදහස් (6)

බස්නාහිරින් පිටත ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක

nuwan Friday, 13 November 2020 02:29 PM

අනේ මනුස්සයෝ සති දෙක, තුනකට කළින් අඩුයි කිව්වා... අන්තිමට 10000ත් පැනලා නැවතුණේ.

:       1       10

කපිල Friday, 13 November 2020 03:59 PM

සතුටුයි නේද? සමාජගතවෙලා නෑනේ.

:       1       10

naveen Friday, 13 November 2020 05:33 PM

ඔබ පරීක්ෂා නොකළහොත් ආසාදනයක් නැත. සරල ක්‍රමවේදය එයයි.

:       1       11

බණ්ඩාර Friday, 13 November 2020 05:57 PM

මයික් පේලිය ඉස්සරහ වාඩිවුණාම මට මොනවා කියවෙයිද මන්දා? සමාජගත වෙලා නෑ... හොඳේ!!

:       1       11

Sk Saturday, 14 November 2020 03:29 AM

මොනවද මෙයා කියන්නේ...? බස්නාහිරින් පට්ට ලෙඩ්ඩු ඉන්නේ.. මෙයා කරන්නෙම රඟපෑමක්...

:       1       12

සෙනෙවිරත්න Saturday, 14 November 2020 02:30 PM

ඔන්න බොරු කියනවා. කුරුවිට බෝගම්බර ඌරගස්මංහංදිය, කොහේද තියෙන්නේ...?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site