(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලංගොඩ  මුලික රෝහලේ  ප්‍රතිකාර  ලබමින්  සිටි  කෝවිඩි  රෝගියෙකු  අද (13) දා දහවල්    රෝහලෙන් පැන පලාගොස්  ඇතැයි  පොලිසිය  පවසයි.

කොස්හේන්ගම  ,හේවාහින්න, අවිස්සාවේල්ල  ලිපිනයේ  පදිංචි  නන්දසිරි  බෝවත්ත නැමැති  72 හැවිරිදි  කෝවිඩි  රෝගියෙකු  මෙලෙස රෝහලෙන්  පලා ගෙස්  තිබෙි.

 ඔහු   සබරගමු විශ්වවිද්‍යාලයයේ  ඇති සිංහරාජ  අතරමැදි   කෝවිඩි  රෝහලේ  ප්‍රතිකාර  ලබා  තිබෙි.

සබරගමු විශ්වවිද්‍යාලයයේ ඇති සිංහරාජ අතරමැදි  කෝවිඩි  රෝහලේ  ප්‍රතිකාර  ලැබිමට තමන්ට නොහැකියැයි  කැ කෝ   ගසා  නොසන්සුන්  තත්ත්වය  ඇති කර තිබෙන අතර   පසුව ඔහු  අද (13) පෙරවරුවේ  බලංගොඩ  මුලික  රෝහල වෙත  මාරැ කර එවා  තිබුණි.පසුවඑහි   ප්‍රතිකාර  ලබමින් සිටියදි  දහවල්  මෙලෙස  රෝහලෙන් පැන  පලාගොස්  ඇත.

ඒ සමිබන්දයෙන්  බලංගොඩ  මුලික  රෝහල්  පොලිසිය  විසි   බලංගොඩ   පොලිසිය  වෙත දැනුම්  දිමක්  කර ඇති අතර   එම කෝවිඩි  රෝගියා  සොයා   පොලිසිය  පරික්ෂණයක් ආරම්භ  කර තිබුණි.