(ලසන්ත නිරෝෂණ පෙරේරා )
කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහුගේ නිවසේ අය ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ .
බලන්ගොඩ ප්‍රදේශයේ දි මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරු පැදිකරුවෙකුට බස් රථයක් තුළ සිටි අයෙකු ගැසු බුලත් කෙළ වැටිම නිසා කෝපයට පත් යතුරු පැදිකරු එම බසය නවත්වා බස් රථයට ගොඩවි බැන වදිනවිට එම බසයේ ගමන් සිටිනුයේ කොව්ඩ් ආසාදිතයින් පිරිසක් බව දැනගෙන තිබේ.
බලන්ගොඩ වටවල කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ඨානයට රැගෙන යමින් සිටි කොව්ඩ් ආසාදිතයින් පිරිසක් මෙම බසයේ ගමන් කර ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ගේ නිර්දේශය අනුව බලන්ගොඩ මැදකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. . තමා පත්වු අපහසුතාවය ගැන කරුණු කියන්නට පටන් ගන්න විටම මේ බසයේ සිටින්නේ කොරොනා ආසාදිතයින් බව එහි සිටි අය පැවසු නිසා වහාම ඉන් බැසගත් බවද සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පවසා තිබේ.
එම තැනත්තා බසයෙන් බැස ඇත්තේ ඔහුගේ ගමන් බෑගයද බසය තුළ තිබියදීය.
පසුව යතුරු පැදියෙන් නිවෙසටම ගිය නිලධාරීන් ගේ උපදෙස් අනුව විසබීජ හරණයට ලක්ව දිය ස්නානය කර පිරිසිදු වි තිබේ .
සිදු වු ඇබැද්දිය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද දැනුම්වත් කර ඔහුගේ උපදෙස් ලබා පවුලේ සියලුම දෙනා සමග ඔහු ස්වයං නිරෝධායනයට යොමු වි තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.