IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බගවන්තලාවේ වතු යාය 5 කින් ආසාදිතයින් 31 ක්

(රංජිත් රාජපක්ෂ )

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

ඉකුත් (22) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 31 දෙනා හදුනාගත් බවත්, එම අසාදිතයන් බගවන්තලාව වත්ත 19 , කොටියාගල වත්ත 06 , බොගවාන වත්ත 04 ,ටින්සින් වත්ත 01 , තෙරේසියා වත්ත 01 වශයෙන් හමු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 746 ක් හමුවි ඇති බවත්,කොවිඩ් මරණ 18 වර්තා වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.

නව අසාදිතයන් 31 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සහ අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

 



අදහස් (0)

බගවන්තලාවේ වතු යාය 5 කින් ආසාදිතයින් 31 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site