(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20 සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ට මෙලෙස වෛරසය ආසාදිත වී ඇත
කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිලක මහතා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල,පිලියන්දල දිසා රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්ම මහත්මීන් ප්‍රමුඛ කණ්ඩායමක් එම වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් හා ප්‍රතිකාර දුන් අතර රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගී පුද්ගලයන් එම වැඩිහිටි නිවාසයේ ම රැඳවීමට කටයුතු කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ලොකුගේ 'සර්' ට කියන්න. එයාට කොරෝනත් බයයි.
වැඩිහිටියන්ට තියෙන පොදු දෙයක් තමයි සෙම රෝග, දැන් ඒකට කියන්නේ කොරෝනා කියලා...