(ජේ.කේ.එල්. චාමින්ද)
පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වය්රසය ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
මින් පාසල් දරුවන් බහුතරයට කොරෝනා ආසාදනය වී ඇත්තේ පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලුදේනා නිරෝධායනය කිරීමට කටයුතු කරඇති බවද ඒ මහතා පවසයි.
වයිරසය ආසාදනය වු එම පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනෙකුටම වයිරසය ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුලදි බවද හෙතෙම පවසයි. එම සති දෙක තුල එක් ගුරුවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ කාලය තුල දි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පාසල් දරු දැරියන් 07 දෙනෙකුට, අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි දරු දැරියන් 02නෙකුට, බද්දේගම ප්‍රදේශයේ එක් සිසුවියකට, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 07 දෙනෙකුට හා ගුරුවරුන් 02නෙකුට, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචි පාසල්දරු දැරියන් 22 නෙකු හා එක් ගුරුවරයෙකුට, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවන් 02නෙකුට, හබරාදුව ප්‍රදේශයේ පදිංචි දරුවන් 08 දෙනෙකුට, හික්කඩුව ප්‍රදේශයේ දරුවන් 02නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එමෙන්ම ඉමදුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට, ඉදුරුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට,කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 04 දෙනෙකුට, ගාල්ල නගර සභා බලප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් 08 දෙනෙකුට, නෙළුව ප්‍රදේශයේ 17 දෙනෙකුට, රත්ගම 05නෙකුට, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පාසල් දරු දැරියන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 17කි. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මානයවිමට ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කරයි.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1145
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාසල් වාරය ආරම්භයෙන් පසු ගාල්ලේ පාසල් 48ක ළමුන් 95කට කොරෝනා
banda Thursday, 11 February 2021 10:15 AM
ලංකාවේ ඕනෑම පොදු තැනක කොරෝනා රෝගීන් ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්.. කොරෝනා සමග ජීවත් වන්න පුරුදු වෙන්න.