(සිතුම් චතුරංග)
වවුනියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16දෙනකු කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී අද(28) හදුනාගත් බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි.
කොරෝනා ආසාදනය වී ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කරමින් සිටි 16 දෙනකුටය.
පසුගිය 25 වැනිදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවකු වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගැනිණි.ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ රඳවා සිටි සෙසු සැකකරුවන් 30 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇත. ඒ අනුව, මෙම පිරිස ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
පොලිසිය පැවසූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙතද පී.සී.ආර් පරීක්ෂණය සිදුකළද එම නිලධාරීන් කිසිවෙකු වයිරසය ආසාදනය වී නැති බවය. සෙසු සැකකරුවන් 13 දෙනා පොලිස් ආරක්ෂාව යටතේ නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන ඇතැයිද පොලිසිය පැවසීය.
ආසාදිත සැකකරුවන් පොලිස් ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
445
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා