
(ක.ග. කරුණාරත්න)
කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු අද (10) දිනයේ හමුවීම හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලේ අංක 21 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා පැවැසීය.
එම වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගීන් දෙදෙනෙකු,සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ එක් අයෙකුද මේ කෙරෝනා අසාදිතයින් අතර වන බව ඒ මහතා කීය.
මේ වනවිට එම රෝගීන් සියලූම දෙනා වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන බවත් ඔවුන්ගේ ආශ‍්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ඇති සියලූම දෙනා මේවන විට නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවත් ඒ මහතා ප‍්‍රකාශ කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd