IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතව මිය යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටියුඩර් ගුණසේකර මහතා

( තිළිණි ද සිල්වා )

පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ හා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ටියුඩර් ගුණසේකර මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇත.

කොවිඩි ආසාදිතව ප්‍රතිකාර ලබමින් ඒ මහතා පෙරේදා (29) අභාවප්‍රාප්ත වී ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු කොවිඩ් මාර්ගෝපදේශ වලට අනුකූලව එදිනම සිදු කෙරිණි. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 86 හැවිරිදි වියේ පසු විය.

ආභාවප්‍රාපත් ගුණසේකර මහතා පළමු වරට 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහර ආසනයෙන් තේරී පත් වූයේය. 1983 වසර දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ටියුඩර් ගුණසේකර මහතා එම කාලය තුළ, ගම්පහ ප්‍රථම දිසා ඇමතිවරයාද විය.

පසුව දේශපාලනයෙන් ඉවත් වූ ඒ මහතා ඔහු පෝලන්තය, බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව යන රටවල ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණසේකර මහතා 1960 වසර අග භාගයේ මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මෙරට සක්‍රීය දේශපාලනයට පිවිසියේය. 1970 මහ මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නමුත් පරාජයට පත් විය. 1977 මහ මැතිවරණයේදී ගුණසේකර නැවත වරක් තරඟ කර මහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය..

පසුව 1994 වසරේදී බලයට පත්වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජයේ පෝලන්තයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපති ලෙස ගුණසේකර මහතා පත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව සඳහා වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. මෙම කාලය තුළ ලංකා තේ, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීම සහ නැගෙනහිර යුරෝපා රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තානාපති සබඳතා ශක්තිමත් කිරීම සඳහා ගුණසේකර වැදගත් කාර්යභාරයක් ඉටු කළේය..

චන්ද්‍රා පෙරේරා මහත්මියගේ දායාබර ස්වාමිපුරැෂයා ද වන මියගිය ගුණසේකර මහතා දෙදරු පියෙකි.

බියගම හෙයියන්තුඩුව ප්‍රදේශයේ ධනවත්, ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ හා දළදා කරඩුව වැඩම වූ ''හෙයියන්තුඩුව රාජා ''ඇතුළු හීලෑ අලි ඇතුන් දාහතර දෙනෙකුගේ හිමිකරු වු විලියම් ගුණසේකර මහතාගේ දෙවැනි ප්‍රත්‍රයා වන්නේ ටියුඩර් ගුණසේකර මහතාය.

 

 



අදහස් (1)

පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතව මිය යයි

SUNIL MILANO Monday, 30 August 2021 08:55 PM

ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site