
(චමිල් රූපසිංහ)
පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පී සී ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බවත් පොලිස් අධිකාරීවරයා කියයි.
පසුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කළ රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ පසුගිය (17දා සිදු කරණු ලැබීය.
එම පරීක්ෂණවලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා පොලිස් නිලධාරිනියන් දෙනෙකුද පොලිස් නිලධාරින් දෙදෙනෙකුද වන බව පොලිස්අධිකාරිවරයා කීය.
කොරෝනා ආසාධිත නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර අනිකුත් පී සී ආර් පරික්ෂණ සිදුකළ පොලිස් නිලධාරින් සියලුම දෙනා දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරිවරයා පැවැසීය.
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මහතා පවසා සිටියේ කෝවිඩ් ආසාදිත වු පළමු නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත්, එම පොලිස් නිලධාරියාගේ නිවසේ අයද හාල් මිලදී ගත් හාල් මෝලේ අය සහ තවත් භාණ්ඩ මිලදී ගත් වෙළදසැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත්ය.
පොලිසියට පැමිනෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පතා පොලිසිය විශබීජ හරණයකට ලක් කර, සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසිය.

2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා