IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා


 
(චමිල් රූපසිංහ)
 
පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පී සී ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද  විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බවත් පොලිස් අධිකාරීවරයා කියයි.
 
පසුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කළ රථවාහන අංශයේ හා පොලිසියේ  ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ පසුගිය (17දා සිදු කරණු ලැබීය.
 
එම පරීක්ෂණවලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා පොලිස් නිලධාරිනියන් දෙනෙකුද පොලිස් නිලධාරින් දෙදෙනෙකුද වන බව පොලිස්අධිකාරිවරයා කීය.
 
කොරෝනා ආසාධිත නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර අනිකුත් පී සී ආර් පරික්ෂණ සිදුකළ පොලිස් නිලධාරින් සියලුම දෙනා දින 14 ක්  ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරිවරයා පැවැසීය.
 
පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා මහතා පවසා සිටියේ කෝවිඩ් ආසාදිත වු පළමු නිලධාරියා  තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත්, එම පොලිස් නිලධාරියාගේ නිවසේ අයද හාල් මිලදී ගත් හාල් මෝලේ අය සහ තවත් භාණ්ඩ මිලදී ගත් වෙළදසැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත්ය.
 
පොලිසියට පැමිනෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පතා පොලිසිය විශබීජ හරණයකට ලක් කර, සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසිය.



අදහස් (0)

පේරාදෙණිය පොලිසියේ 5කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site