
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වප් පොහෝ දින ආණමඩුව කොට්ටුකච්චිය විහාරස්ථාන දෙකක් වසා දමා සියලුම කටයුතු නවතා දමා හිමිවරුන් තිදෙනෙකු ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට අද(30) දින යොමු කල බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
මෙසේ ජෛව පටල සාම්පල සදහා යොමු කර තිබුනේ කොට්ටුකච්චිය බෝධිරුක්කාරාම හා මැල්ලන්කුලම අභිනවාරාම විහාරස්ථාන වල වැඩවාසය කලහිමිවරු තිදෙනෙකු බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කල විහාරස්ථාන ස්වයං නිරෝධායනයට යොමු කිරිමට හේතු වි ඇත්තේ ඉකුත් දින කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ අවමංගල උත්සවයකට හා දානමය කටයුතු වලට දායක වු අවිස්සාවිල්ල ප්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමත් සමගය .
කොරෝනා ආසාදිතයා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති භික්ෂුන් වහන්සේලා ඔහුගේ මෝටර් රථයෙන් වඩම්මවාගෙන ගොස් ඇති බව සනාථ විම නිසාය.
ඒ සමගම අදාල ආසාදිතයා එක්වු අවමංගල උත්සවයට අයත් නිවසද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් නිරෝධායනයට ලක්කර ඇති ඇති අතර එම නිවසේ තරුණයින් දෙදෙනකුද ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට යොමු කටයුතු කර තිබුනී.
විහාරස්ථාන දෙක ස්වං නිරෝධායනයට යොමු කිරිමත් සමග වප් පොහෝ දින සියලුම ආගමික කටයුතු සම්පුර්ණයෙන් නවතා දැමිම සිදුව තිබු අතර භික්ෂුන් වහන්සේලාට දානය ප්‍රධාන දොරටුව අසල තැබිමට ස්ථානයක් සකසා තිබේනු දැක ගත හැකි විනි .




COMMENTS
පල්ලි, පන්සල් කෝවිල් ආගම් තුළින් මිනිසුන් මනුස්සකමින් ඛෙදා වෙන් කරන දේවල් මිසක් දියුණු සමාජයට පිළිකාවක්.... නීතිගරුක සමාජයට කරදරයක් බවත් මෙවායින් මොනවට ඔප්පු වෙනවා දිනෙන් දින... ඔවට පුලුවන් නම් ඉස්පිරිතාල, පොලිසි, උසාවි මොකටද?පාසල් අධ්‍යාපනයෙන් ආගම අයින් කර නීතිය උගන්නන්න ඔනෙ රට වෙනස් කරලා යහමගට ගන්න නම්...