( රංජිත් රාජපක්ෂ )
තලවකැලේ පුඩළුඔය , වටගොඩ , කොත්මලේ යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛසරය ආසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණය විම නතර කිරිම සදහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙළද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු එම ප්‍රදේශයේ රෝගින් මේ වන විට නිරෝධාන මධ්‍යයස්ථාන කරා යොමු කර ඇති අතර එම රෝගින්ගේ පවුල් වල සමාජිකයන් විශාල පිරිසක් ඔහුන්ගේ නිවාස වල මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
පුඩළුඔය නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර කොවිඩ් 19 වෛරසය වතු ආශ්‍රිත ප්‍රදේශවලින් පැතිර යාමේ අවධානම පහව යාමෙන් පසු පුඩළුඔය නගරයේ වෙලදසැල් විවෘත කරන බවයි එම වෙළෙද සංගමයේ ලේකම් ඉන්ද්‍රසේන මාවුස්සාව මහතා පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.