IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා

(ජේ.කේ.එල්. චාමින්ද)

 
නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන්  පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට  අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.

 
මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනා  කුරුදුවත්ත ගිංතොට හා ටක්කියාවත්ත තලාපිටිය යන ප්‍රදේශවල  පදිංචිකරුවන් ය. මියගිය එක් අයෙකු  59 හැවිරිදි වියේ පසුවන අතර අනික් පුද්ගලයා  77 හැවිරිදි වියේ ය.
 
මොවුන් දෙදෙනා සිය නිවෙස්වල දි මියගොස් සිටි අතර ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.එච්.එම් නාසිම් මහතාගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා මෘත දේහයන් කරාපිටිය රෝහලට රැගෙන එනු ලැබීය.ඉන් පසු  කළ පී.සී.ආර් පරික්ෂණයේ දි ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පැවසීය.
 
මින් එක් අයෙකු රෝහල්ගත සිට පසුව නිවසට ගොස් සිටියදි මියගිය අයකු බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක ඒ.එච්.එම් නාසිම් මහතා කීය. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු  නිරෝධායන නීතිරීතිවලට අනුකුලව  අදාහන කටයුතු කිරීමට  සිදුකරණ බවද නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කළේය.



අදහස් (3)

නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා

mohamad Wednesday, 03 February 2021 05:35 AM

මුස්ලිම් ජනයාව තියාගෙන කරන අපරාධවලට, ඊශ්‍රායලයේ ඒරියල් ශරූන්ට මොකද වුණේ..?

:       9       62

salmiWednesday, 03 February 2021 07:10 AM

ලංකාවේ මුස්ලිම් ජනයාට කරන අපරාධවලට සම්බන්ධ අයට මොකද වෙන්නේ?

:       2       22

Senarath Wednesday, 03 February 2021 08:02 AM

කොරෝනා සෙල්ලමකට ගත්තොත් වන්දි ගෙවන්න වෙන්නේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට. ඒ නිසා කවුරුත් තමතමුන්ට හැකි උපරිමයෙන් ප්‍රවේසම් වෙන්න වග බලාගන්න.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site