IMG-LOGO

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා


නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට

 

(ලලිත් නවරත්න)

 

හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42 දෙනෙකු ස්වයං නිරෝධායනය කළ බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උපුල් ජයතිලක මහතා පවසයි.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති 26 හැවිරිදි තරුණිය කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සඳහා වූ පුනරුත්පානය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වශයෙන් සේවය කර තිබේ.

ඇය නිවාඩුවක් සඳහා එහි සිට පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කුරුණෑගල සිට හලාවත,මාරවිල, හරහා පදිංචි කොට්ටරාමුල්ල පිහිටි තම නිවසට පැමිණ ඇත.

ඇයගේ පැමිණීමෙන් පසවු ඇය ඇසුරු කළ සහ අවශ්‍යතා සඳහා ගිය නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පිහිටි කොස්වත්ත, කොට්ටරාමුල්ල,  කලුගල්ලෑව, තුන්මෝදර යන ග්‍රාමසේවා ප්‍රදේශවල 42 දෙනෙකු මේවනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ආසාදිත තරුණිය අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ දිනයේදීම අයි. ඩී. එච් රෝහලට ඇතුළත් කර ඇති අතර  නිවසේ වාසය කළ ඇයගේ මවගේ සහ පියාගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති.

ඒවායේ ප්‍රතිඵල අද (10) පස්වරුවේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මෙම අවදානම් අවස්ථාවේ සියලු ප්‍රදේශවාසීන් උපදෙස් දී ඇති පරිදි නියමිත සෞඛ්‍ය පුරුදු නීතිරීති පිළිපදිමින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරට නොයා වගකීමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

එලෙසම නීතිය කඩකරන්නාවු පුද්ගලයන් සඳහා නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි
2024 අප්‍රේල් මස 14 213 0

ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්‍යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය ව


රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට
2024 අප්‍රේල් මස 14 276 0

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද( 14 ) හාලිඇල ශ්‍රී වීර ශක්ති විනයාගර් කෝවිල අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් කාන්තාවන් දෙද


මෙරට බිත්තර මිල යළි නඟි
2024 අප්‍රේල් මස 14 171 0

ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට
2024 අප්‍රේල් මස 14 305 0

කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘
2024 අප්‍රේල් මස 14 1785 0

ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරික


ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි
2024 අප්‍රේල් මස 14 1499 0

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 114 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1360 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1310 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site