(ප්‍රියාණි මංගලිකා )
කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරියෙකුගේ සහෝදර ආශ්‍රිතයෙකු වූ පාසල් ආරක්ෂක නිලධාරීයා පාසලේ රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය තාවකාලිකව අද (10 ) වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සහ පාසල් පාලන අධිකාරිය පැවසීය .
කොළඹ ප්‍රදේශයේ සේවය කර නිවසට පැමිණ සිටි පොලිස් නිලධාරීයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බවද ,ඔහුගේ වැඩිමහල් සහෝදරයා තුඹුල්ල මහා විද්‍යාලයේ රාත්‍රී ආරක්ෂක නිලධාරීයෙකු ලෙස පසුගිය දිනවල රාජකාරි කටයුතු කර තිබීම හේතුවෙන් ,පාසල වසා දමා විෂබීජ හරණය කිරීමට පියවර ගත් බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
කොබෙයිගනේ ප්‍රදේශයේ පදිචි ,කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රුකියාවේ නියුතු ආසාධිත පොලිස් නිලධාරීයාගේ සහෝදරයා වන මෙම පාසල් ආරක්ෂක නිලධාරීයා ඇතුලු පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇතිබවද හෙට 11දින පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
මෙම ආරක්ෂක නිලධාරීයා රාත්‍රි කාලයේ ගුරු විවේකාගාරයේ රැඳී සිට ඇති බවද , ඒ අනුව පාසැල් දරුවන් 434 ක ගේ සහ ආචාර්ය මණ්ඩලයේ 31දෙනෙකුගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව මෙම පියවර ගත් බවද පාසල් ආරංචි මර්ග සඳහන් කලේය .
ඒ අනුව අද 10 දින උදෑසන පාසැලට පැමිණි දරුවන් සහ ගුරුවරුන් අපසු සිය නිවෙස් වෙත ආපසු හරවා යැවු බවද පාසල් ආරංචි මර්ග වැඩිදුරටත් සඳහන් කලේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.