අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු  සහ  වැලිසර ඇඟලුම් ආයතනයේ  එක් අයකුට කොරෝනා අසාදිත යැයි හඳුනාගැනීමත් සමගින් අද සවස වන විට රෝගීහු 1028 ක් සිටියහ. නමුත් පසුව ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 5 දෙනකුට සහ ආශ්‍රිත තැනැත්තෙකුටත් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීම හේතුවෙන් දිවුලපිටිය කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1038  ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අද දහවල් වාර්තා වූ ඇඟලුම් සේවිකාවන් සංඛ්‍යාව 190 ක් වූ අතර ඒ සමගම වයිරසය ආසාදනය වූ ඇඟලුම් සේවිකාවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය. මේ වන විට මිනුවන්ගොඩ රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලද කොරෝනා වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර තිබේ.