(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය.
එම මරණ209 සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 8157 දක්වා ඉහළ ගියේය.මියගිය පුද්ගලයන් අතර පිරිමි108ක් සහ කාන්තාවෝ101ක් වෙති
.මියගිය පුද්ගලයන් 163 දෙනකු අවුරුදු 60ට වැඩි අය වන අතර 46 දෙනකු අවුරුදු 30 සහ 59අතර වයසේ පසුවන්නෝ වෙති.ශ්‍රී ලංකාවේ වාර්තා වූ දෛනික කොරෝනා මරණ අතුරින් 200 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.
COMMENTS
හරියට හොයලා බැලුවම ගිය මාසෙ ඒවත් තියෙයිද දන්නෙ නෑ. දැන්නම් කිසි දෙයක් විශ්වාස නැති තරම්
ජනාධිපති උපදේශකවරුන්ගේ අවධානය දිනෙන් දින අහිමිවන ජීවිත වෙත යොමු වේවා.
කවුද දියවන්නාව පැත්තේ ඔහේ සැරිසරන කෙනෙක් ටිකකට කලින් කියල තිබුණා කෝවිඩ් වලට බය වෙන්න දෙයක් නැහැ කියලා.
පැය කිහිපයකින් එහා කොනේ ඉඳල මෙහා කොනට යන්න පුළුවන් මේ පුංචි දුපතේ වයිරස් එක පැතිරෙන එක නවත්ත ගන්න බැරි නම් මේ කට්ටිය ලොකු රටක් පාලනය කලානම් කොහොම තියේවිද අද ?
ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ උපදේශකයින් අති විශිෂ්ඨ මෙන්ම අපේ දිවයිනේ කොවිඩ් මරණ අනුපාතය ඉහළ යාම !
වෘත්තීය සමිතිවලට බය සර් කෙනෙකුට අමාත්‍යාංශයක් පාලනය කලාට රට කරවන්න බෑ.දැන් හොඳටම පැහැදිලියි. මේ පාලනය ගේන්න රෙදි හෝදපු හොර චීවරධාරියෝ ටික අල්ලලා අර ඉස්සර රුසියාවේ තිබුන කියන වැඩ කඳවුරු හදල යවන්න ඕන.
ළමා රොහලේ මැරුණු 3 දෙනාව දාලා නැහැ. එතකොට ළමයි අයිති වෙන්නේ 30-60 අතරද?