(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 422 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1,111ක් බව වසංගත රෝග විද්‍යා අංශ වෙබ් අඩවිය කියයි. මෙරටින් දෛනික ආසාදිතයින් ගණන1000 ඉක්මවා වාර්තා වු පළමු අවස්ථාව මෙය වේ. කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,487කි.