කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 37දෙනෙකු අද(01) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සිව්දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලෙන් දෙදෙනෙකු, කාන්තන්කුඩි රෝහලෙන් 8දෙනෙකු, මිනුවන්ගොඩ රෝහලෙන් එක් අයෙකු, හම්බන්තොට රෝහලෙන් 11දෙනෙකු සහ තෙල්දෙණිය රෝහලෙන් 11දෙනෙකු වශයෙනි.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සුවය ලබා පිටව ගිය සිව්දෙනාගෙන් දෙදෙනෙක් විදේශිකයෝ වෙති.
ඒ අනුව, සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1748 කි.
මේවනවිට 288දෙනෙක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd