
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2658කි. මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබිමින් සිටින පිරිස 213 දක්වා අඩු වී ඇත.
සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 4දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද වෙති.
වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තාව අනුව, අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 55කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2882ක් වන අතර 11දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ලංකාවේ පුරවැසියන්ට එන්න ගුවන් තොටුපල විවෘත කරන්න. එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කරන්න. එහෙමත් නැත්නම් හොටෙල් ගාස්තු අඩු කරන්න. ගුවන් ටිකට් එකේ ගාන අඩු කරන ගමන්ම... මේක ලොකු අසාධාරණයක්...