(ක.ග.කරුණාරත්න)
තුන්වන රැල්ලේ කොරෝනා ආසාදිතයන් 3.205 දෙනකු මේ වනවිට හමුවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කරයි.ඒ අතුරින් පාසල් ළමුන් 128 දෙනකු සිටින බවද ඒ මහතා කීය.
වැඩිම පාසල් ළමුන් පිරිසක් කොරෝනා ආසාදිතවී ඇත්තේ තමන්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේයි.ඒ සංඛ්‍යාව 40කි.හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිත පාසැල් ළමන් ගණන 26කි.ඇලැහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් ළමුන් 23 දෙනෙකුද ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පාසැල් ළමුන් 12 දෙනකුද වාර්තාවේ.
මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පාසැල් ළමුන් 11 දෙනෙකු සහ වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ළමන් 10 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව අනාවරණය වෙයි.
සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආසාදිත පාසල් ළමුන් ගණන 06කි.
දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුවි ඇති කොරෝනා මරණ ගණන 52ක් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම සංඛ්‍යාලේඛන වලින් හෙළිවේ.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුන්වන රැල්ලෙන් පොලොන්නරුවේ ආසාදිතයන 3205ක්