
(ජේ.කේ.එල්. චාමින්ද සහ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (06) දින තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
ඊයේ (05) දින ගාල්ල බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කරණු ලැබූහ. පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියින් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
කාන්තා සිරකාරියන් ගල්ලැල්ල කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයට හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර කාන්තා නියාමකවරියන්ගේ පවුල් වල අය පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කොට නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඊයේ (05) දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදුකරණු ලැබීය.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොරෝනා