
(ජේ.කේ.එල් චාමින්ද)
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
අද (18) පස්වරුවේ ලබුදුව දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් අද (18) දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කොට තිබුණි.
ඒ අනුව එළඹෙන සතියේ සදුදා, අගහරුවාදා සහ බදාදා දින ද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
නව පාසල් වාරය ජනවාරි 04 වැනිදින ආරම්භ වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd