(ඉන්දිකා රාමනායක)
පොළොන්නරුව ගල්ලෑල්ල නීරෝධායන මධ්‍යස්ථානයේ ඉකුත් (31) දින පලාගිය රැඳවියන්න් 5 දෙනාගෙන් තවත් අයෙකු වතානමුල්ල ආනවිලුන්දාව ප්‍රදේශයේ දී ආරච්චිකට්ටුව පොලිසියේ කණ්ඩායමක් විසින් අද (6) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයික්කාලේ පදිංචි නිමල් වයසන් (51) නැමැත්තා බව පොලිසිය කියයි.
මොහුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත
ඉකුත් 31 දින මොහු ඇතුලු සැකකරුවන් පස් දෙනෙකු පලාගොස් තිබු අතර එදින සවස එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.සිද්ධියෙන් පලාගිය තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd