(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 868 දෙනෙකු හමුව ඇති බවත් මින් 90 දෙනෙකු බැගින් වන වැඩිම පිරිසක් බියගම සහ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ - 79 ක්, මීරිගම - 77 ක්, වත්තල - 76 ක්, ගම්පහ - 72 ක්, සීදූව - 65 ක්, දිවුලපිටිය - 60 ක්, අත්තනගල්ල - 55 ක්, දොම්පෙ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 45 දෙනෙකු බැගින් , කටාන සහ කැලණිය යන කොට්ඨාසයන්ගෙන් - 35 දෙනෙකු බැගින් , ජාඇල - 34 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 60 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 46 ක්, බියගමින් - 6 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකි.
ආසාදිතයින් 352 දෙනෙකු පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 223 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන්ය.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 14,079 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,28,753 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ දිස්ත්‍රිකයෙන් පැය 24කදී ආසාදිතයින් 868ක්