(ටෝනි කරුණානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන ග්‍රාම නිලධාරීන් 55 දෙනකු අද වන විට කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් තවත් ග්‍රාම නිලධාරීන් 81 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ගාමිණී රණතුංග මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ග්‍රාම නිලධාරීන්ට මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
ආසාදිත සහ නිරෝධායනය වීමෙන් නිසා පුරප්පාඩු වූ එම ග්‍රාම නිලධාරී කොට්ටාසවලට වෙනත් කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් තාවකාලිකව අනුයුක්ත කිරීමට එම කොට්ඨාසවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප ගම්පහ දකුණු පළාතේ සහ අනෙකුත් පලාත් වල කොවිඩ් තත්ත්වය ගැන දාපු ඩේලි අප්ඩේට් එක ඇයි නැවැත්තුවේ.
මේ දවස්වල පාන්දර ඇහැරලා කරන්න දෙයක් නැහැ. ආගමික විකාශනයන් අළුයම මහ සද්දෙන් දාන්න එපා. මිනිස්සුන්ට ඕනෑනම් තමන්ගේ ගෙදර තියෙන ටී.වී , රේඩියෝ වලින් ඒවා අහන්න පුළුවන් . මිනිස්සුන්ට අනවශ්‍ය වේලාවට එහෙම කරදර කරන එක දහමට පටහැනියි නේද ?