IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ අද  (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල  60 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 දෙනෙකු හමුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මීරිගම  - 56 ක්, රාගම  - 37 ක්, වත්තල  - 35 ක්, බියගම  - 33 ක්,  සීදූව - 32 ක්,  කැලණිය  - 26 ක්,  අත්තනගල්ල සහ දොම්පෙ  කොට්ඨාසයන්ගෙන්  - 25 දෙනෙකු බැගින්,  ගම්පහ  - 21 ක්,  කටාන  - 14 ක්,  ජාඇල - 12 ක්,  දිවුලපිටිය - 11 ක්,  මිනුවන්ගොඩ  - 9 ක් සහ මීගමුව සිව් දෙනෙකු වශයෙන් හමුව ඇත. 

ඊයේ උදෑසන වනවිට  පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආයෝජන කලාපය කටුනායකින් ආසාදිතයින් 34 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 380 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතද සැක සහිත රෝගීන් 92 දෙනෙකු රෝහල් ගත කිරීමටද පියවර ගෙන    ඇත. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,954 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 



අදහස් (2)

ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 400 ක්

අනුර Friday, 23 July 2021 03:31 PM

කඨින රැල්ල ළඟ ළඟ ...

:       0       50

සනත් බංඩාර Friday, 23 July 2021 07:48 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ දත්ත දිනපතා ඉදිරිපත් කරන තිලකරත්න දිසානායක මහතාට අපි ස්තුතිය පුද කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site