පසුගිය පැය  24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා  ආසාදිත රෝගීන් සංඛ්‍යාව 47,000ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
 
 කැලිෆෝනියා, ටෙක්සාස් සහ ඇරිසෝනා ප්‍රාන්ත වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම ප්‍රාන්ත මේ වනවිට වසංගතයේ නව කේන්ද්‍රස්ථාන බවට පත්වී ඇත.
 
 ටෙක්සාස් සහ ඇරිසෝනා ප්‍රාන්ත වල රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති අතර සමහර රෝගීන් සඳහා ඇඳන් ලබාගැනීමට නොහැකි වි ඇති බවද පැවසේ.
 
 කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්ත වල මෑතකදී විවෘතකරන ලද බාර් නැවත වසා දැමීමට පියවර ගෙන තිබේ.
 
 ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසි මහතා සඳහන් කර ඇත්තේ රෝගය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවයි. වයිරසය මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග නොගන්නේ නම් දෛනික රෝගීන් සංඛ්‍යාව 100,000 දක්වා ඉහල යා හැකි බවද හෙතෙම පවසයි.

මේ වනවිට කොවිඩ් - 19 රෝගයෙන් ඇමරිකාවේ 130,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,727,996 කි.

 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)