IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කෝවිඩ් වැළැක්වීමේ එන්නත ඉන්දියාවෙන් ගෙන්වන්න යයි

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය.

‘අසල්වැසියාට මුල්තැන’ සිය විදේශ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව , කොවිඩ්-19 මර්දනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දුන් බවත් ශ්‍රී ලංකාව ද ඉන්දියාවට පෙරළා සහාය දුන් බවත් හෙතෙම කීය.

එන්තත් බෙදාහැරීම යනාදි එන්නත්කරණයට අදාළ අංශයේ දී ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් බව එය සිය වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදා මහතා ද පවසා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගත සමයේදී රටවල් දෙකම බැරෑරුම් සහ පොදු අභියෝගවලට මුහුණ දුන් බවත් ඒ අතරම මෙම වසංගතය රටවල් දෙකට පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන් බවත් හෙතෙම පැවැසීය.

මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා දුන් සහාය කෘතඥව සිහිපත් කරන බව ද ඔහු කීය.

මේ වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පශ්චාත් කොවිඩ්-19 සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය.

ඉන්දියව සහ ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් වීමේ අභියෝගයට මුහුණ දී ඇති බවත් මෙය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව ඒ හා සමාන ආර්ථික අර්බුදයක් බවත් හෙතෙම පැවැසීය.

පසුගිය මාස කිහිපයේදී ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ට ස්ථීර ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවට ද ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.



අදහස් (9)

කෝවිඩ් වැළැක්වීමේ එන්නත ඉන්දියාවෙන් ගෙන්වන්න යයි

vikum Wednesday, 06 January 2021 10:49 AM

කොහොමත් හොඳ බෙහෙතක් ගන්න රටේ වත්කමක් නැහැනේ..., ඔක්ෆර්ඩ්, ෆයිසර්, වැනි එන්නත් ගන්න මුදල් නැති නිසාත් ඇල්ටෝ, මරුටි වැනි වාහන මෙන් අපි ඉන්දියාවේ එන්නත ගහමු... උන්නත් එකයි, මලත් එකයි, 225 ජීවත් වුනොත් හොඳටෝම ඇති.

:       0       38

chanduWednesday, 06 January 2021 11:37 AM

' හින්දුස්ථාන් කොරෝන ජායිකි ' කියන ඔය බෙහෙත තවම පරීක්ෂණ කරලා තියෙන්නේ මීයන්ට පමණයි. උනුත් 50%ක් මැරෙනවාලු. දැන් මනුෂ්‍යයින් සඳහා පරීක්ෂණ කරන්න ලැහැස්ති වෙන්නේ අපේ රටෙන්. ඔය නීල කාස හොරු 225 ඕක ගහගන්නේ නැහැ. ඉන්දියන් විදේශ ඇමති ඒ අයව බය කරලයි මේ බේත ලංකාවට ගෙනෙන්නේ.

:       1       11

Ranjan Wednesday, 06 January 2021 11:22 AM

එන්නතකට වැයවන්නේ USD 2 ක් පමණ AstraZeneca ඒ මුදල වියදම් කර හෝ හැකි අයට මුදල් ගෙවා ලබාගන්න දෙන්න පුළුවන්කමක් රජයට නැද්ද?

:       0       8

NuwanWednesday, 06 January 2021 12:49 PM

වත්කම් තිබුණාට මදි... වුවමනාවත් ඕනේ... !!!

:       0       5

chandima Wednesday, 06 January 2021 02:06 PM

ඇත්ත කියන්න, අපි දැන් ඉන්දියානු කිරීටයට අයිති යටත් විජිතයක් නිසා අපි කියන තැන් වලින් බෙහෙත් ගන්න කිව්වා නේද?

:       0       4

Komdoru Wednesday, 06 January 2021 04:15 PM

ඉන්දියාවේ එන්නත ගැන මුලු ලෝකයම සැකෙන් වගේ බලන්නේ... මොකද මෙම එන්නත පිළිබඳව පැහැදිලි පරීක්ෂණ, වාර්තා කිසිම දෙයක් අපැහැදිලි බවයි... ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ. අනේ ඉතින් අපිට මේ ජරාව බලෙන් පොවන්න වගේ හදන්නේ. අපේ රටට ගිය කලක්...

:       0       4

Demuni Uduwara Wednesday, 06 January 2021 10:37 PM

ඉන්දියාව සහ චීනය ගැන තමයි අපේ තීරණය.

:       0       1

Nihal Wednesday, 06 January 2021 10:46 PM

ඉන්දියාවෙන් ලාබ බාල එකක් එනකල් තමයි කමිටු පත්කර කර, මුට්ටි දම දමා, පැණි බිබී හිටියේ.

:       0       1

isuru Thursday, 07 January 2021 10:15 AM

හොඳ ගාණක් කොමිස් ගහයි... රටට බුදුසරණයි... ආණ්ඩුවට දෙවි පිහිටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site