(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 190 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 150 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 38 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 113 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 77 දෙනෙක් වෙති.