
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරීමේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (22) පැවසීය.
මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවය.
COMMENTS
කමිටුවේ අදහස නිවැරදියි. ලෙඩේ මර්දනය කර ගැනීමට නොහැකිව රටම අවදානමක තිබෙන මොහොතක එක කොටසක් මත සුරැකීමට නොයා සිටීම වැදගත් දෙයක්.
මේ ගොල්ලෝ මේවා කාට හංගනවාද..? මොනවා බලාපොරොත්තුවෙන් හංගනවාද...? කාට බයේ හංගනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණු විදිහට චන්න දොස්තර මහත්මයා ඇතුළු කමිටුව කියලා තියෙන්නේ " ආදාහනය කිරීම පමණයි යෝග්‍ය " කියලා. එ් කියන්නේ වෙනත් ක්‍රමවේදයන් නුසුදුසුයි කියලයි. මම හිතන්නේ මේ උගත් විද්වත් කමිටුවේ නිගමනයට ආණ්ඩුවේ මෝඩ රැල අකමැතියි. ආගමික ප්‍රශ්නයක් මුල්කරගෙනයි මේ ප්‍රශ්නය ඇතිවුනෙත්. අලිසබ්රි කියන්නේ ජනාධිපතිගේ සියලුම රහස් දන්නා ඔහුගේ නීතිඥයා. ගෝඨාට ඔහුව අමනාප කරගෙනත් බැහැ. සිවුරු දරන්නන්, බමුණන් තරහකරගෙනත් බැහැ. මිනිස්සුන්ට මුසාවාද දේශනාකරලා මේ ජනාධිපතිත්, රජයත් බලයට ගෙනෙන්න සෑහෙන මෙහෙයක් කලේ මේ ජූජක බමුණන්ය. හැබැයි එකක් ස්ථිරයි. මේ රටේ සියලුම ආගම්වලට දෙන රාජ්‍ය අනුග්‍රහය " නවත්වන තෙක් " මෙරට ඉදිරියට නොයනු ඇත. අවුරුදු 70ක්ම අපේ මෝඩ දීන ගෝත්‍රික පාලකයින් ආගම් ගාවාගෙන මේ රට විනාශකළා. ආගමක් යනු මිනිසෙකුගේ පුද්ගලික දෙයක් මිසක් ... ආගම විසින් රටක් පාලනය කිරිමක් නම් නොවිය යුතුයි...
අලි සබ්‍රිෙග් නෑදෑයෙක් රහසේ වළදාපු කතාවකුත් යන්නේ...
ජාතිවාදය උගතුන් අතරටත් තදින්ම කාවැදිලා... ඔහොම යං.