
කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම ඇතුළු කොරෝනා මැඩලීමට ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෛද්‍ය නිලධාරීන් සමඟ අද(18) සාකච්ඡා කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (18) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණ කෙරිණි.
හදිසි ප්‍රතිකාර සේවාවේ ඇදන් වැඩි කිරීමට කටයුතු කිරීම, රසායනාගාරවල සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණවල නිවැරදිතාවය උපරිම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම ආදී කරුණු පිළිබඳව ද අමාත්‍යවරියගේ අවධානය යොමුවිය.
රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කූලී නිවාස, පාසල්, ආයෝජන ප්‍රවර්ධන කළාප (BOI) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවා ද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍ය අංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරීයෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙන ලදි.
සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, සිසිර ජයකොඩි මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

2025 නොවැම්බර් මස 21
46
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදන් වැඩිකරන්න උපදෙස්