(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,315 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,97,670ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,028 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 2,386 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
කොරෝනා ඉවර කරන්න අදහසක් නැද්ද.?