(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද(16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,61,036 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 40,455 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,325 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,12,057 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.