
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය.
එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් කීපදෙනෙකු විවිධ රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මියට ලද තොරතුරක් අනුව එම කර්මාන්ත ශාලාවේ සේවය කළ ආසාදිත කාන්තාව ඇතුළු තවත් සේවක සේවිකාවන් තිදෙනෙක් ඉකුත් දෙවෙනිදා පීසීආර් පරීක්ෂණ ට භාජනය කළ බව මධුෂාන් මහතා කීය.
එලෙස පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ එම සේවක සේවිකාවන්ට වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් ස්වයං නිරෝධානය යෙදෙන ලෙසත් උපදෙස් ලබා දී එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ද ඔවුන්ව සේවය සඳහා නොකැඳවන ලෙස වැඩිදුර උපදෙස් ලබාදී තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තිදෙනාගෙ වෛද්‍ය වාර්තා අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ලැබී තිබූ අතර ඉන් එක් අයකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව එම කාන්තාවගේ ජංගම දුරකථන අංකයට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයෙන් ඇමතීමෙන් අනතුරුව ඇය එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවයේ යෙදෙමින් සිටින බවට හෙළි වී ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම කර්මාන්ත ශාලාව වෙත ගොස් සෞඛ්‍ය නීතියට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කරුණු වටහා දී එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ආසාදිත සේවිකාව ගාල්ල ආරච්චි කන්ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
664
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි