(ලලිත් චාමින්ද )
කොරෝනා වයිරසය ආසාදිතව මිය ගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ (84) හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. තිදරු පියෙකු වන අතර, කොරෝනා වයිරසය ආසාදිතව සිට හෘද රෝගයක් හේතුවෙන් මිය ගියේය.
මෙකි පුද්ගලයා මිය යාමෙන් පසු කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා පැවසීය. ඔහුගේ හදිසිමරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි. විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සහ පී.සී. ආර් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන තමන් මෙම තින්දුව ලබාදුන් බවද හදිසිමරණ පරික්ෂකවරයා සදහන් කළේය.
සිරුර භුමදානය කිරීම සදහා අවසර ලබාදෙනවානම් එය බාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම් එය බාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය බවද හදිසි මරණ පරීක්ෂකවරයා සදහන් කළේය.
මියගිය පුද්ගලයාගේ පුතෙකුවන මොහොමඩ් හනුසි මොහහොමඩ්යයිල් (53) නැමැත්තා හදිසි මරණ පරීක්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කිවේය.
"මියගොස් ඇත්තේ මගේ පියා. තාත්තා පදිංචිවෙලා හිටියේ දේද්දුගොඩ තාත්තා නංගිත්, මස්සිනාත් මස්සිනාගේ දරුවන් තිදෙනාත්, මස්සිනාගේ දුව බැදපු මහත්තයාත් එයාගේ දරු දෙදෙනාත් තමය දේද්දුගොඩ පදිංචිවෙලා හිටියේ. බෑනටත් දරු දෙදෙනාටත් නැතිව 5 දෙනෙකුට කොවිඩ් ආසාදනය වුනා. තාත්තාත් මල්ලිත් මල්ලිගේ පුතාත් කරන්දෙණිය රෝහලට ඇතුලත් කළා. අනික් අය කුඹුරුගමුවේ හා හමිබන්තොට රෝහල්වල නතරවෙලා ප්‍රතිකාරගත්තා. තාත්තා මල්ලිත් පුතාත් කොවිඩ්වලට ප්‍රථිකාර අරගෙන නිවසට පැමිණ දින තුනක් වෙනවා. නිරෝධායනය වෙමින් හිටියේ.මම පදිංචිවෙලා හිටියේ තාත්තලා පදිංචිවෙලා හිටිය ප්‍රදේශයට වඩා කිලෝමිටරයක් ඇතින් අපි කවුරුවත් තාත්තාලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ. තාත්තා ආරගෙන තිබුණේ දියර ආහාර පමණයි. ටිකක් අමාරු තත්වයෙන් තමයි ඉදලා තියෙන්නේ. පපුවේ අමාරුව, දියවැඩියාව, රුධිරපිඩනය යන රෝග තාත්තාට තිබුනා. තාත්තා නිවසේදි මියගියා. පියාගේ මරණය කරාපිටිය රෝහලට රැගෙන ආවා. පරික්ෂණ සදහා කොටස් වගයක් ගන්න බව වෛද්‍යවරු අපිට කිවා.පියාගේ මරණය ගැන අපිට සැකයක් නැහැ. අවසාන වශයෙන් මට කිමට ඇත්තේ පියාගේ මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නවා එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම් අපි එය බාරගන්නෙ නැහැ කියලයි" හෙතෙම පැවසිය.
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් කරණු ලැබිය.සාක්ෂි මෙහෙයවීම ගාල්ල පොලිසියේ පො සැ 969 පියරත්න විසින් සිදුකරණු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ තිබුණු විදිහට මැරුණු කෙනාට දෙවැනි පාරටත් කෝවිඩ් හැදිලා... හොඳවෙලා ගෙදර ඇවිත් ඉන්දැද්දිනේ මෙහෙම වෙලා තියෙන්නේ..
සමහරු මිනිස්සු මැරුණාම පුච්චනවා. හැබැයි ගෙදර සුරතලා මැරුණාම වලදානවා.. මොකක්ද මේකෙ තේරුම?
බාර නොගන්නවා නම් ඔහුට රජයේ කිසිම ආයතනයකින් කිසිම සහයෝගයක් නොදැක්විය යුතුයි. දේහය රජයේ වියදමින් සිදුකර කවදා හෝ ඔහුට රජයේ ආයතනයකින් යම්කිසි අවස්ථාවක් ලබාගැනීමට අවැසි නම් ආදාහනය කිරීම සදහා රජයට ගිය වියදම සහ විශාල වන්දි මුදලකටද යටත් කළ යුතුයි.
ඉතින් රජයේ වියදමින් ආදාහනය කරන්නකෝ.... මහ ලොකු වැඩක්ද? රජයේ මුදග් තව කොච්චර වැඩකට නැති දේව්ල් වලට නාස්ති කරනවද මෙ රටෙ....?
ඥාතීන් බාර නොගන්නා මරණ රජයේ වියදමින් සිදු කොට මියගිය අයගේ දේපළ රජසන්තක කළ යුතුය.
අම්මෝ මේ අයගෙන් තියෙන කරදරෙ. රටේ නිීතියට ඉන්න බැරි නං පලයල්ලකො අරාබියටම...
රටේ නීතියට කවුරුත් ගරු කළ යුතුයි. ඒ වගේම රටේ නීතියකටත් සාධාරණ විය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ අසාධාරණ බලහත්කාර නීති... මේ ගැටළුව ආණ්ඩුව යොදා ගන්නවා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට. සමහරු එ්කෙනුත් තාවකාලික විනෝදයක් ලබනවා.
මෙක නම් කවුරු කළත් අපරාධයක්... කියලත් ඒ අයගේ ආගමානුකූලව අවසන් කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව දිය යුතුයි.
කාගේදෝ කාලසටහනකට අනුව මේක වෙනවදෝ සැකයක් මට පවතිනවා.
ගෙදර ගිහින තාත්තත් එක්කම යන්න තිබුණනේ...
කිසියම් හෝ නීතියක්, ක්‍රමවේදයක් තියෙන්නේ මිනිසුන්ගේ යහපතට බවවත් නොතේරෙන ඌරන් කොට්ඨාශයක්.. සෞඛ්‍ය තීරණ තම ආගමත් සමග පටලවා ගෙන රටක් ගිනි තියන්න හදන මහා කාලකන්නි ජාතියක්...
මෙ රටේ නීති වල්වැදිලානෙ. කොරෝනා නම් පුච්චනවා. මිනිය බාර ගන්නවාද? නැද්ද? කතාවක් නැහැනෙ..
" අපි කවුරුවත් තාත්තාලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ." මැරෙන්න දාලා තියලා දැන් නීතියත් නමන්නයි සූදානම.
මේ ජාතිය අපිට මහවදයක් වෙලා. ආව පැත්තකට යනවකෝ අපිට පව් නොදී...
ඕකත් අරගෙන අරාබියට යන්න... 'වවුලාගෙ ගෙදර ඉන්නවා නම් එල්ලිලා හිටු'.
කාන්තාරේ ඔටු සිහින දකින්න මොවුන් ලෝකේ ඉන්න හැම රටකටම දෙන්නේ පුදුම වද. රටේ හැමෝම පිළිපදින නීති පිළිපදින්න බැරි නම් යන එකය් ඇත්තේ ලංකාවෙන්!
ඇත්තෙන්ම මේ සමහර මිනිස්සුන්ගෙන් තියෙන්නේ මහා පුදුම වදයක් .. මේ තරම් දරුණු වසංගතයක් පැතිරෙමින් පවතින වෙලේ මේ අය වයිරස් පිරුණු මළමිනියක්වත් ආදාහනය කරනවාට කැමැති නැහැ. එතැනත් තියෙන්නේ ආත්මාර්ථය. අනුන්ට, රටට හෙනගැසුවත් තමන්ගේ මළමිනිය ගැන තමයි හිතන්නේ... මෙහෙමත් මිනිසුන් සිටිනා විට කොවිඩ් නාවොත් තමා පුදුමේ.
මුලු ලෝකෙම භූමදානය කරද්දී අපි විතරක් භූමදානය නොකරන්නේ ජාතිවාදය මිසක් වෙන කුමක්ද?
මෙ අය කවුද අප්පා...?
හොරුන් රජවෙලා ඉන්න රටක මෘතශරීර වලිනුත් කොමිස් ගහනවදස කවුද දන්නේ? පුච්චන්න 5000යි. හැබැයි අයකරන්නේ 50000 ගානේ.
නීති යටතේ විනාශ කිරීම හැර මෙක දෙන්න අහපු කෙනාට විරුද්ධව මුලින්ම ක්‍රියාකළ යුතුයි. මෙ පුවත නිවැරදි නම් බැරි වෙලාවත් ඒ මනුස්සයා මිනිය බාරගත්තානම් මොකද වෙන්නේ...? ඇත්තටම ඒ පුතා යහපත් මනුස්සයෙක් මොකක් හෝ හේතුවක් කියලා ..... අවදානමෙන් මගඇරලා ඔක බාරගන්න කියපු කෙනයි වරද කරලා තියෙන්නේ....