IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කුරුවිට බන්ධනාගාරයෙත් 15 කට කොරෝනා

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හමු වී ඇතැයි  සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා රැඳිවියන් 78 දෙනකු අතරින් කළ පීසීආර් පරීක්‍ෂණ වලින් 14දෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනෙකු අතරින් එක් නියාමකවරියක් කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

කොළඹ සිට සැකකාරියන් කිහිපදෙනෙක් කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයට සති කිහිපයකට පෙරදී රැගෙනවිත් තිබුණි. ඔවුන් වෙනම රඳවා තබා තිබූ අතම මුලින් සැකකාරියන් 28 දෙනෙකුගේ සීසීආර් පරීක්‍ෂණ පවත්වා තිබුණි. සතියකට පමණ පෙර කළ එම පීසීආර් පරීක්‍ෂණ වලදී එක් සැකකරියකට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවී තිබූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචි රිමාන්ඞ් භාරයේ සිටි සැකකාරියකට මෙසේ ආදිසත වී තිබූ අතර ඇය පල්ලන්සේන බන්‍ධනාගාර ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවනු ලැබිණි.

ඉන් අනතුරුව කුරුවිට බන්‍ධනාගාරයේ කාන්තා අංශයේ සිටි සැකකාරියන් පනස් දෙනෙකු සහ නියාමකවරියන් දෙදෙනක් පසුව පිසීආර් පරික්‍ෂණයට යොමුකළ බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

රත්නපුර ශික්‍ෂණ මහතා රෝහලේ පීසීආර් පරීක්‍ෂණාගාරයේදි කළ එම පරීක්‍ෂණයෙදී සැකකාරියන් දහතුන් දෙනෙකුගේ සහ එක් නියාමකවරියකගේ කෝවිඞ් 19 ආසාදිත බව තහවරු වූ බව ද වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

දෙවනවර පරීක්‍ෂණයෙන් ආසාදිත බව තහවුරු සැකකාරියන් පිරිසගෙන් පස් දෙනෙක් කොළඹින් කුරුවිටට මාරුකළ කාන්තාවන් වන අතර සෙසු අට දෙනා රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කුරුවිට පළාත් සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මේ වනවිට බන්‍ධනාගාරයෙන් ආසාදිත බව තහවුරුවු සැකකාරියන් පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි බන්‍ධනාගාර රැඳිවියන්ට කෝවිඞ් ප්‍රතිකාර කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇත.
 ===කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නියාමකවරිය පීසීආර් පරීක්‍ෂණයෙන් පසු ඕපනායක පිහිටි ඇගේ නිවසේ සිටියදී ඇයට ආසාදිත බව තහවුරු වී ඇති බවට වාර්තාව ලැබීමෙන් පසු ඇයත් ඇගේ නව හැවිරිදි සහ හය හැවිරිදි දියණියන් දෙදෙනා ඇඹිලිපිටියේ පිහිටි කොවිඞ් ආසාදිත එහෙත රෝග ලක්‍ෂණ නොපෙන්වන බන්‍ධනාගාර නිලධාරින්ට ප්‍රකාරකරන මධ්‍යස්ථයේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරියාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

එසෙම ඇගේ නිවසට ආගිය බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු ද ඔහුගේ නිවසේ ම ස්වයං නිරෝධානයට ලක්කර ඇති බව ද කීවේය. මෙම නියාමකවරියගේ සැමියා ටික කලකට පෙර රියඅනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම ආසාදිතයන් හමුවීමෙන් පසු කුරුවිට බන්‍ධනාගාරයේ ඒ වනවිට සේවයේ යෙදී සිටි සියලුම නියාමකවරුන් සහ නියාමකවරින්ය බන්‍ධනාගාරය තුලම නිරෝධායනයට ලක්කර තිබේ.

බන්‍ධනාගාරයට පිටතින් ඇතුලුවීමට හෝ පිටවීමට  තහනම් කරනු ලැබු බවත් බන්‍ධනාගාරයට ආහාර සපයන සැපයුම්කරුවෙක් ද නිරෝධායනයට ලක්කළ බව පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

පසුගිය 13දා රාත්‍රී ආසාදිතයන් තහවුරුවූ වාර්තාව ලැබෙනවිට බන්‍ධනාගාරයේ නිලනිවාස, විව්කාගාර, රාජකාරී වැඩමුර, නිලධාරී නිවස්න වල සිටි හැට දෙදෙනෙක් පමණ වූ සේවක පිරිසකට සති දෙකක් වනතුරු බන්‍ධනාගරයෙන් පිටවීම තහනම් කළ බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරියාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. ඔවුන් බන්‍ධනාගාරයේ අභ්‍යන්තර රාජකාරී ආවරණය කිරිමට මේ කාලය තුල යොදවන ලෙසත්, විවේක සහ නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටි තවත් නියාමකවරුන් සහ නියාමකවරියන් සිය දෙනෙක් පමණ පැමිණීමට නියමිතව සිටි  බවද  එම ප්‍රකාශකයා පැවසුවේය.

කුරුවිට බන්‍ධනාගාරයේ නියාමකවරුන් 160ක සිටින අතර ඉන් 140ක් පිරිමි සහ 20ක් කාන්තාවන් බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
 
පසුගියදා කුරුවිට බන්‍ධනාගාර නියාමකවරියන්ට පහරදි සැකකාරියන් පිරිසක් පලායාමට උත්සාහ ගත් අවස්ථාවේ කාන්තා අංශයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරිමට ඒ අංශයට ගිය බවට සැකකරන නිලධාරින් 38 දෙනෙකු බන්‍ධනාගාරය තුලත් නිවාඩු ගිය පිරිස ඔවුන්ගේ නිවෙස්වලත් නිරෝධායනයට ලක්කළ බවද කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා කීවේය.

මේ අතර ආසාදිත බව තහවුරු වු නියාමකවරියගේ යතුරු පැදියෙන් බන්‍ධනාගාරයේ සිට කුරුවිට නගරයට ආ බන්‍ධනාගාරරෝහලේ වෛද්‍යවරියක් ද කුරුවිට දෙල්ගමුවේ පිහිටි ඇගේ නිවසේම නිරෝධායනයට ලක්කළ බව ද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.



අදහස් (0)

කුරුවිට බන්ධනාගාරයෙත් 15 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 275 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2113 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site