IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි


 

(සිරංගිකා ලොකුකරවිට)
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත.  නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි.

අද (05) ලැබුණු වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ මවට කොරෝනා වයිරසය ආසාදිත බවයි. මෙම කාන්තාව ගාල්ල, ගිංතොට පදිංචි අයෙකි.

මේ පිළිබඳ විමසූ විට රෝහල් නිලධාරිනියක් කියා සිටියේ එම මව මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූ අයකු ද විය හැකි බවයි. කෙසේ වෙතත් මව, දරුවා සහ දරුවාගේ මිත්තණිය මේ වනවිට කොරෝනා සැක රෝගීන් ඇතුළත්කරන 36 වාට්ටුවට යොමුකර සිටින අතර දරුවා සහ මිත්තණියගෙන් ද පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගෙන ඇත.

මෙම රෝහල් නිලධාරිනිය වැඩිදුරටත් කියා සිටියේ ළමා ඒකකයට පිටතින් පැමිණීම සහ පිටවීම වළක්වා වාට්ටුව තාවකාලිකව වසා දමා ඇති බවයි. මෙම මව සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය ආශ්‍රිත වූ ආකාරය පිළිබඳ කරන ලද තක්සේරුවේ දී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අවදානම් තත්ත්වයක නොවන බව ද තහවුරු වී තිබේ.

ආසාදිත මවගේ අනෙකුත් පරීක්ෂණ සහ දරුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.

වාට්ටු අංක 02හි සාමාන්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට, අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද වෛද්‍යවරු කියති. කරාපිටිය රෝහලේ ළමා වාට්ටු 03ක් ඇති අතර අනික් වාට්ටු දෙකෙහි රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද වෛද්‍යවරු පවසති.

 



අදහස් (0)

කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site