IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කො‍රෝනා සම්බන්ධ අසත්‍ය ප්‍රචාර කළ 29 ක් සොයයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා වෛරසය හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය  ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඒ අතර ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් සහ ජපානයේ පදිංචි පුද්ගලයෙක් ද වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

මෙරට පදිංචි පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන, අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

මෙම අසත්‍ය ප්‍රචාරය කළ කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

කො‍රෝනා සම්බන්ධ අසත්‍ය ප්‍රචාර කළ 29 ක් සොයයි

Max Wednesday, 18 November 2020 05:43 PM

ඉතා හොඳ පියවරක්. බොරුකාරයින්ට, මඩකාරයින්ට ඉඩ නොදිය යුතුයි.

:       0       0

Prabha Wednesday, 18 November 2020 06:01 PM

දවසගානේ නිලධාරීන් මාරු කරමින් කරන විකාරය නැවත නිවැරැදි තොරතුරු ජනතාවට දෙන්න. කොහොමත් කුණු රසට ආස ජාතියක් වන අපිට එකම පිළිතුර ඒකයි.

:       0       0

ranasighe Wednesday, 18 November 2020 06:17 PM

එසේය මහරජ... අන් රටවල මෙන් නොව මෙම අපූරු රටේ කිසිම හේතුවක් නිසා මිනිසකු පාරේදී නම් මෙරට නොමරෙයි. එසේ බොරු කියනුවන්හට දඬුවම් දෙනු මැනවි... (නාට්ටියකින් කොටසක් පමණි)

:       0       0

Rata Perata Wednesday, 18 November 2020 06:28 PM

ඔයිට වඩා හොඳ නැද්ද ගෙවල්වලට හිරවෙලා කන්න නැති මිනිස්සු හොයලා උදව්වක් කරන එක...

:       0       0

ලකිත් ශ්‍යාමන් Wednesday, 18 November 2020 07:00 PM

එතකොට ඉතාලියේ මහ මග මැරී වැටෙනවා, ඉතාලියේ කොකු වලින් උස්සලා මිනී විසිකරනවා වගේ අසත්‍යය ප්‍රකාශ කරපු අයව ඇරස්ට් කරන්න.. එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද?

:       0       0

Bamunuarachchi Thursday, 19 November 2020 12:29 AM

අල්ලගෙන කරටියෙන්ම කඩලා දමන්න.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 19 November 2020 02:10 AM

රටක් හෝ රජයක් කලට වේලාවට කිසිවක් නොසඟවා සැබෑ පුවත් ඉදිරිපත් කරනවා නම්, අසත්‍ය ප්‍රචාරයන් පැතිරවීමට අනුවණයින්ට ඉඩ ප්‍රස්ථා උදාවන්නේ නැහැ. ඒ වගේම කලට, වේලාවට නිවැරදි නිරවද්‍ය ප්‍රවෘත්ති අසන එම රටේ ජනතාව සත්‍ය පවසන රජයක් ඉදිරියේ මෝඩ අසත්‍ය පුවත් කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒ නිසා තම තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්නවා නම්, මෙසේ මෝඩ මදුරුවන් ඇල්ලීමට කඩු එසවීමට පොලීසියට සිදුවන්නේ නැහැ. කරුණු කෙසේ වෙතත්, මදුරුවා දෂ්ට කිරීම වරදක් වගේම මදුරුවන් ඇල්ලීමට කඩු යොදාගැනීම අනුවණ කමක් බවයි පෙනීයන්නේ. කළයුතු වන්නේ මදුරුවන් බෝවෙන පරිසරය පිරිසිඳු කිරීමයි. පරිසරය අපිරිසිදු නම්, මදුරුවන් එහි බිත්තර දමනවාමයි. වැඩෙන මදුරුවන් දෂ්ඨ කරනවාමයි. එ් නිසා, කළයුතු වන්නේ, පරිසරය පිරිසිදු කිරීම මිස මදුරු මර්දනයට කඩු ගැනීම නොවේ...

:       0       0

sara Thursday, 19 November 2020 03:24 AM

එතකොට අර අනතුර කරලා පොලිසිය ඉස්සරහ ලයිසන් ප්ලේට් එක ගලවපු අයට මොකද වෙන්නේ දන්නෑ නේද?

:       0       0

Kamal Koyrala Thursday, 19 November 2020 09:38 AM

දැන් පොලිසිය කුඩු, කහ, ගංජා, සෙවීම් නතර කරලද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30309 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12385 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 780 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 239 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site