

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් - 19 වයිරසය ආසාදිතයන්ට සහ එම වයිරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඖෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබෙන බව දේශීය වෛද්‍ය, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
නිපදවූ එම ඖෂධ අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගැන්වූ බවත් ජයකොඩි මහතා සඳහන් කළේය.
ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ඖෂධ සියල්ල 100% ම දේශීය ශාකසාර යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබෙන බව පවසන අමාත්‍යවරයා ‘සදංග’ පානය සහ ‘සුවධරණි’ ප්‍රතිශක්තිකරණ පානය නමින් එම ඖෂධ නම් කර තිබෙන බවද සඳහන් කළේය.
මෙම ඖෂධ ඔක්තෝම්බර් 12 වැනිදා එළිදක්වන බවත් ඒ මහතා කීය.
COMMENTS
ඔව්. හොඳයි. මේ නාකි හොරු ටික පරිස්සමෙන් බලාගන්න ඕනේ අපි...
දේශීය බෙහෙත් හෑල්ලුවට ලක් කරනවා නෙමේ... නමුත් මේ මිනිස්සු කරන්නේ තවත් විහිළු සපයන එක විතරයි.
ඕකටත් වෙන්නේ සයිටම් එකට අත්වුණු ඉරණමම තමයි.
අනේ කරුණා කරලා ඕක ඔය 225ටම දෙන්න.. වෙන බෙහෙතක් බොන්නත් එපා කියන්න. රටට විශාල සෙතක් වේවි.
ආණ්ඩුවලින් විහිළු සැපයුවා හැමදාම... ඒත් මෙහෙම නම් නෑ.
මේක නම් හොඳ වැඩක්... වේලාසනම පටන් ගත්ත එක හොඳයි.
ලෙඩා මළත් බඩ සුද්ද වෙන්නම දෙන්න...!!!
ඔය බෙහෙත් වට්ටෝරුවට අම්ලකර අඩංගු කරලා නෑ නේද? ඔතන ඉන්නවා ඔක්සිජන් විෂවෙන ජලකර බෝම්බ... අනේ අපේ ජනතා පුත්‍රයෝ රැකදෙන්න.
මට අැහුණා කියනවා මේ බෙහෙත අත්හදා බලන්න කොරෝනා රෝගියෙකු ලැබුනේ නැහැ කියලා... ඒ කියන්නේ මේ බෙහෙත් කොරෝනා වලට බෙහෙතක් නෙවෙයි.., නිකං අනුමාන කරලා හදපු දෙයක්... ලොකුවට විශ්වාස තබාගන්න එපා. ඩෙංගු වලට පැපොල් කිරිකතා දැන් නැහැනේ...
පණ්ඩිතකම් නැතුව මේ බෙහෙතක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා බං... නැත්තං ඔක්කොටෝම කෙලවෙන්නයි යන්නේ...
කථානායකට දෙන්නේ මොන එහෙකටද? එයා මොනව කරන්නද? ඔන්න කාර් පර්මිට් එකක් දුන්න නම් එයා ප්‍රයෝජනයක් ගනී.