(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ.


එම මූල්‍ය ආධාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් සිදුව ඇති බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ධාරිතාව (හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව) වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

‘කොවිඩ්-19’ රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාව ඉහළ නැංවීම, ආසාදන වැළැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරේ. රෝගී ප්‍රතිකාර සේවා පද්ධති සංවර්ධනය කිරීමෙන් වඩා හොඳින් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා තීරණය ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව මූල්‍යාධාරයේ ප්‍රධාන අංගයක් වන සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම, අනාගතයේදී මෙවැනි හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව තිරසර ලෙස වැඩි කිරීමට කෙරෙහි ද මෙහිදි අවධානය යොමු කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.