කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි  36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන  192 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1863කි.

අද සුවය ලබා පිටව ගිය පිරිස අතර,  ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන්  24දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් දෙදෙනෙක්ද, තෙල්දෙණිය රෝහලෙන් 8දෙනෙක් ද වෙති.

කෙසේවුවත්, අද වනවිට කොරෝනා ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 2066 ක් වී ඇත.