(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සිව්දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් දෙදෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් 9දෙනෙක්ද, හෝමාගම රෝහලෙන් 21දෙනෙක්ද, මිනුවන්ගොඩ රෝහලෙන් එක් පුද්ගලයෙක්ද සිටිති.
ඒ අනුව, සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1955 දක්වා ඉහළ ගොස් තිබේ.
හෝමාගම මූලික රෝහලෙන් සුවය ලබා පිටව ගිය 21දෙනා විදේශිකයන් බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
අද(07) උදෑසන වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කොරෝනා ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම රැඳවියා කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙකු බව හඳුනාගන්නා ලදී. ඒ සමඟ, කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 131දෙනෙකු ද නිරෝධායනයට ලක්කිරීම සඳහා පියවර ගෙන ඇත.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ට බසී