(ඩබ්.ඒ. පියතිලක)

පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු  අද (30) පොලොන්නරුව මහ රෝහලේදී ආරම්භ කරන ලදී.

පොලොන්නරුව  දිස්ත්‍රික්කයට එන්නත් 4070ක් ලබාදී ඇති බව එන්නත් කිරීම සඳහා සිටින පිරිස 3960 දෙනෙකි.  

වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සියලුම රෝහල් කාර්ය මණ්ඩලය වෙත එන්නත් ලබාදීම පොළොන්නරුව මහ රෝහලේ ස්ථාන 04කදී අද (30) සිදු කරන අතර හෙදියන් විසින් එන්නත් ලබාදීම සිදු කරන බව  පොලොන්නරුව   ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පැවසීය.