කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (23) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.‍

හෙයියන්තුඩුව සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි අවුරුදු 86 සහ 60 යන වයස්වල කාන්තාවන් දෙදෙනක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි
60 හැවිරිදි පිරිමි පුද්ගලයක්ද අද මිය ගිය අය අතර වෙති.