(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1656 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ මැයි 11 සිට ජූනි 3 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

කාන්තාවන් 23 ක් සහ පිරිමි අය 25 දෙනෙක් මිය ගිය අය අතර වෙති.

මින් එක් 18 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර එක් අයකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.

බොගවන්තලාව, මස්කෙලිය, මුදුන්ගොඩ, කොළඹ 13, කොලොන්නාව, කළුතර උතුර, මතුගම, කිරිමැටිය, මහනුවර, නාවාන, රදාවාන, රාජගිරිය, කොළඹ 10, තිහාරිය, අත්තනගල්ල, වැලිඔය, රාගම, යටවත්ත, ජල්තර, නුවරඑළිය, ගල්පාත, තුන්මෝදර, පස්යාල, ගල්ගමුව, මෙගොඩවැව, ගල්නෑව, හොරවිල, අවිස්සාවේල්ල, පුපුරැස්ස, තෝරයාය, මැල්සිරිපුර, අවුලේගම, කුරුණෑගල්, ඉඳුල්ගොඩකන්ද, නාරම්මල, පොල්ගහවෙල, මොරගොල්ලාගම, අලව්ව, බණ්ඩාරකොස්වත්ත, බදුල්ල, හඟුරන්කෙත, පයාගල, බේරුවල, කිරිමැටියාව යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.