(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,654 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 11 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර දෙදෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය නවදෙනකු සහ කාන්තාවන් පස්දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.