(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 20ක් ඊයේ (15) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියේය.
පන්විල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, කැලණිය ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි අයෙක්, බුලත්සිංහල ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනපොල ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක්, ගම්පහ 70 හැවිරිදි පිරිමි අයෙක්, කලවාන ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි අයෙක්, පොළොන්නරුවේ 73 හැවිරිදි පිරිමි අයෙක් සහ 76 හැවිරිදි කාන්තාවක්, අඹතැන්න ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, කුණ්ඩසාලේ ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක්, උතුරු කළුතර ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, නවුන්තුඩුව පදිංචි 75 හැවිරිදි කාන්තාවක්, මග්ගොන ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ 68 හැවිරිදි පිරිමි අයෙක්, රුවන්වැල්ල පදිංචි 83 හැවිරිදි අයෙක්, වවුනියාව ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, නෑබොඩ ප්‍රදේශයේ 65 හැවිරිදි පිරිමි අයෙක්, දියතලාව ප්‍රදේශයේ 66 හැවිරිදි පිරිමියෙක්, පස්සර ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා ආසාදිත මරණ 941 දක්වා ඉහළට
මුණසිංහ Sunday, 16 May 2021 02:43 AM
දකුණේ, විශේෂයෙන්ම ගාල්ලේ සිදුවන මරණ සංඛ්‍යා දත්ත එන්නෙම නැහැ වගේ. නියම දත්ත පෙන්වන්නේ නැහැ. පහුගිය දිනවල ගාල්ල පැත්තේ මරණ විශාල ගණනක් සිදුවුණා. ඒ එකක්වත් මේ දත්තවල නැහැ. ඇයි හංගන්නේ? කවුද හංගන්නේ? මේ නිසා තමා දකුණට වැක්සින් නැත්තේ! විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය කොළඹ වගේම අධි අවදානම්. මාතර එතරම් නැහැ-ගාල්ලේ වගේ. ගාල්ලට සාපේක්ෂව හම්බන්තොටත් අඩුයි.
පිටරැටියා Sunday, 16 May 2021 08:02 AM
මියගිය සියලුම දෙනාට නිවන්සුව ලැබේවා..! කෝවිඩ් වසංගතය ඉක්මණින් තුරන් වේවා ! ආසාදිතයින්ට ඉක්මන් සුවය ලැබේවා !